ඉවාන් පවුලූෂා....
and Nikita
➖➖➖➖➖❤️
ඉවාන් පවුලුෂා දණහිස තෙක් ගැඹුරු හිම මැදින් කඩිමුඩියේ යද්දී..... ඔහු ආග්‍රනය කළ වාතය පයින් සුවඳින් සහ ශීත කාලයට නිවෙස් තුල දැවී පිටවන දුම්වලින් බර විය.
සාර් රජු මෙන්ම කිසිඳු සමාවක් නොදෙන රුසියානු ශීත ඍතුව, වොල්ගා ගං කොමලියගේ ඉවුර දිගේ පිහිටි ඉවාන්ගේ ගම මත, සිය හිම පතනය දැඩි කර ඇත. ඔහුගේ හුස්ම ගැන්ම වේගවත් වී... ඒ සන්ධ්‍යාවේ මල් තුහීන වැස්සක් වී ඇද වැටිණ.... එහෙත් ඔහුගේ හදවතේ පිපි කුසුම් උණුසුමින් වෙලී තිබින....
අද රාත්‍රිය... ඔහු අවසානයේ තම ප්‍රේමාරාධනය ප්රකාෂයට පත්කරන රාත්‍රිය විය.
ඉවාන් පවුලූෂා.... ඔහු කුඩා කල සිටම ජන නැටුම් පාඩම් අතරතුර, ඇය හා එකට සිනාසෙමින් වසර ගණනාවක් තිස්සේ මේ මොහොත ගැන සිහින මැව්වේය.
නිකීටා...., ඇගේ වත මත වැටුනු ගින්දර මෙන් රත්පැහැ හිසකෙස් අතරින් කටුක සයිබීරියානු ශීත කාලය උණුසුම් කළ හැකි සිනහවකින් නිතරම තමන් වෙත හොරැහින් බලන්නේ යැයි ඔහුට හැඟිනි.
ඉවාන් පවූලූෂා....//
ඇයි හොරැහින් මදෙස බලන්නේ ....
නැටුමට ඇවිදින් නැතිදෝ මබද වෙලන්නේ.....
ඔහු ඇය දෙසට නෙත් යොමු කළ මොහොතේම... ඔහුගේ හදවත ඇය විසින් සොරාගෙන ඇතැයි ඔහුට සිතිනි.... ඔහු සිය ප්‍රේමාරාධනය සිය දහස් වාරයක් තම සිත තුල පුරුදු පුහුණුවීම් කළේය.... ඒ සෑම අවස්ථාවකදීම, පිස්සුවෙන් මෙන් දඟලන, විකාර සහගත වලස් පැටියෙකු මෙන් ඔහුගේ වචන සමඟ ඔහු දඟලමින් උන්නේය....
ගමේ උත්සව ශාලාවට ළඟා වූ විට ඉවාන්ට හුරුපුරුදු තනුවක් ඒ රාත්‍රියේ ශාලාව තුල ගලා යමින් තිබින... බලලයිකා තුලින් ගලා එන ඒ සාම්ප්‍රදායික ගැමි වාදනය ඉවාන් කුල්මත් කළේය... සියල්ලෝ මෂූර්කා රංගනයට එක්ව තිබිනි....
එය ශීත සමයේ අවසන් රාත්‍රිය වූ අතර... ශාලාව තුල සියල්ලන්ගේ ප්‍රීතිමත් කෑ කෝ ගැසීම් මැද... වොඩ්කා වීදුරු එකිනෙක ගැටෙනා හඬින්ද නාද වෙමින් තිබිනි.
විශාල හඬ නඟන දොර තල්ලු කරමින්, ඒ වෙත ඇතුලුවූ අයිවන් සිනහවෙන් පිරී සහ දීප්තිමත් වර්ණවලින් යුත් සාම්ප්‍රදායික ඇඳුම් ඇඳ උන් නීල නෙතු සතු රුවැත්තියන්ගේ වැළඳගැන්මෙන් ඉවාන් උණුසුම් ලෙස පිලිගැනිනි.
ඒ කිසිවකුත් සෙනඟ මැද සිටි නිකීටා තරම් සුන්දර නැතැයි ඔහුට හැඟින. කඩවසම් තරුණයෙකු වූ දිමිත්‍රී සමඟ ඇය රඟන විට ඇගේ සිනහව සීත සුළං මැද හමනා සීණූ නාදයක් මෙන් දෝංකාර දුන්නේය.....
අයිවන්ගේ ඊර්ෂ්‍යාව... තියුණු අයිස් කැට මෙන් අයිවන්ගේ හදවතම සිදුරු කළේය. මේ සියල්ලන් සිනහසෙන්නේ තමන්ට යැයි ඉවාන්ට සිතිනි... ඒ වේදනාව ඔහුට තවත් දරාගැන්මට නොහැකි විය...
බැලලයිකාව වගේ මා ....
තුරුලු කරන් ඔය සුරතට,
මෂූර්කා නැටුමට අද පමණක්...
එන්න පවුලූෂා......
අධෛර්යයට පත් වූ අයිවන් සෙවනැලි නොවැටෙන අඳුරු කොනකට පසු බැස්සේය.., ඔහු බොහෝ කාළයක් පුරුදු පුහුණු කරන ලද ප්‍රේමාරාධනය ඔහුගේ තොල් මත මිය ගියේය. දිමිත්‍රි සහ නිකීටා නටන අයුරු ඔහු බලා සිටියේ හදවත තුල උපන් වේදනාවෙනි.
එය රැඟුමක් පමණක් නොව ඔවුන්ගේ දෑස් එකිනෙකා හා නිහඬ සංවාදයක සිරවී සිටින ආකාරය ඔහුට පැහැදිලිව පෙනිනි.
නර්තනයේ යෙදෙන සියල්ලෝ වේගයෙන් කැරකෙමින්, අයිවන්ගේ පපුවේ අවුල් සහගත බව තව තවත් තීව්ර කළේය....
සංගීතය එක විටම නැවතින....
සෙනඟ අතරින් දැඩි නිහඩතාවයක් මතු විය.... නිල නිවේදනයක් ශාලාව පුරා දෝංකාර දෙන්නට විය.
නම් කිහිපයක් අතරේ... දිමිත්රිද සාර්ගේ හමුදාවේ සේවය කිරීමට කැඳවනු ලැබූ බව නිවේදනයෙන් කියැවිණි. නිකීටාගේ මුවගේ සිනහව මැකී ගියේය, ඒ වෙනුවට ඇය කනස්සල්ලට පත් විය. ඒ මොහොතේ ඇගේ දෑස්වල නිහඩ ආයාචනයක් ඇති බව අයිවන් දුටුවේය, අයිවන්ගේ උගුරේ රැඳුණු ප්‍රේමාරාධනය ඔහුට අමතකව ගියේය..
සාදය නිහඬ බව මැදම අවසන් විය, දිමිත්‍රිගේ හා අන් අයගේ පිටවීමේ බර, සෑම කෙනෙකුගේම උරහිස් මත රැදි බර ලෝගුවක්ම විය. ගම්වැසියන් විසිර යාමට පටන් ගත් විට, අයිවන් නිකීටා අසල සිටගෙන සිටිනු දුටුවේය.
ඔහු මෙතරම් කාලයක් පෙරහුරු කළ වචන ඔහු හැර ගියේය. "එයා ආයේ එයි.... නිකීටා..." ඔහුට හුස්ම ගැන්මේ අපහසු බවක් දැනිණ...
නිකීටාගේ මුහුණේ සිනහව, කඨෝර ශීත සෘතුවේ අවසානයේ පොලොව තුලින් මතුවන කුසුමක පිපීමක් වැනි බලාපොරොත්තුවක්ම විය.
"මම බලාපොරොත්තු වෙනවා, අයිවන්," ඇය පිළිතුරු දුන්නේ ඇගේ කටහඬ වෙව්ලමිනි. ඔවුන් මොහොතක් නිශ්ශබ්දව සිටි අතර, දෙදෙනා නොකියූ වදන් සියල්ල ශීත හිම මත රැඳින.
පසුදා උදෑසන, සොල්දාදුවන් කණ්ඩායමක් පිටත්ව යන ආකාරය මුලු ගමම බලා සිටියේය. දිමිත්‍රිගේ රුව ක්ෂිතිජය දෙසට හුදකලා වූ පැල්ලමක් වී නොපෙනී යන්නට විය.
නිකීටා අයිවන් අසල සිටගෙන උන්නේය, ඇගේ නෙතින් කඩා හැළුන කඳුළු කෙතරම් උණුසුම්ද යත්... හිම දිය කරමින් කම්මුල් දිගේ ගලා ගියේය... ඔහු ඇයව අතින් අල්ලා වැළඳගෙන.... ඇය වෙත යම් සහනයක් සැනසීමක් ලබා දීමට ආශාවෙන් සිටියද.... ඒ සියළු හැඟුම් ගොළු වී තිබිනි.
ශීත කාළය ලබා දුන් පාළු මුඩුම භූ දර්ශනය බලාපොරොත්තුවේ හරිත වර්ණවලින් පින්තාරු කරමින් වසන්තය ළඟා විය. නමුත් අයිවන් සහ නිකීටා සඳහා පමණක්, මුළු ලෝකයම ශීත ඍතුවේ අඳුරු බවින් වැසී තිබින...
දිමිත්‍රි වෙතින් නිකීටා වෙත වරින් වර ලිපි පැමිණියේ, දුර බැහැර රටවල කතා සහ සටන් වලින් පිරී සිඳුවීම් සමඟය. ඒ සෑම ලිපියක් සමඟම, නිකීටාගේ දෑස් තුළ බලාපොරොත්තුවේ දැල්වීමක් දැල් වීය, අයිවන් තවමත් ඔහුගේ නොකියූ ආදරයේ ප්රේමාරාධනවේ හැඟුමින් මුසපත් වී උන්නේය.
සරත් සෘතුවේ ගිනියම් රස්නය වැලඳ ගැනීමට ඉඩ දෙමින් ගිම්හානය පහව ගියේය. එක් උදෑසනක, වේගවත් කුර හඬ සමඟ අසරුවකු රැගෙන ආ පුවත ගම කළබල කිරීමට හේතු විය... යුද්ධයේදි ඇති වූ දරුණු තුවාල හේතුවෙන් දිමිත්‍රි මිය ගියා....
නිකීටා බිම ඇද වැටුණාය, ඇඟේ හැඬීම මුළු ගම පුරා දෝංකර දුන්නේය.
අයිවන් ඇයව වත්තන් කරගෙන උන් අතර, ඇගේ සිරුර වෙව්ලන සෑම හඬකින්ම ඔහුගේ හදවතද බිඳී ගියේය. ඒ මොහොතේ, ඔහු මෙතරම් කාලයක් පුරුඳු පුහුණු වූ තම සිත තුල සඟවාගෙන සිටි වචන ආදරයේ නාමයෙන් අවංක හැඟීමෙන් ඉබේ මෙන් ගලා ඒවී යැයි අයිවන්ට සිතිනි...
මම ඔයාට ආදරෙයි නිකීටා... ඔයාට මම ඉන්නවා..... එහෙත් ඔහුගේ ප්‍රේමාරාධනය කිරීමට මේ මොහොත නොවේ.. ඇය එය නොසලකා හරිනු ඇත... නිකීටා දැඩි ශෝකය තුළම අතරමං වූවාය.
ගමම සුදු පැහැති වස්ත්රාබරණයෙන් ආවරණය කරමින්... ශීත ඍතුව නැවත වරක් බැස ගියේය.
නිකීටා... ඇගේ ආත්මය අඳුරු වී, අවතාරයක් මෙන් ජීවිතය හරහා ගමන් කරමින් උන්නේය. අයිවන් නිහඬ වොල්ගා නදිය අද්දර පහන් කණුවක් මෙන් ඇගේ පසෙකින් සිටියේය.
ඔහු ඇයගේ ආදරය බලාපොරොත්තු නොවූවත්, ඔහුගේ හදවතේ කොනක රැඳි ප්‍රේමාරාධනාව තුල ... කටුක ශීත ඍතුවේ දී පවා මුරණ්ඩු ලෙස මල් පිපිනි...
දිනක් නිකීටා අතුරුදහන් වී ඇති බව ගම පුරා ප්‍රචාරය විය.
සෝදිසි කණ්ඩායමකට වොල්ගා ගඟේ ශීත ඉවුරු අසලින් ඇයව හමු විය. ඇගේ අතේ තදින් ගුලිකරගෙන වුන් රත් පැහැ ලේන්සුවක් තිබින... ඒ තුල තිබුණේ නිකිතාගේ රැව ඇඳි දිමිත්‍රිගේ ලිපියකි.
අයිවන් ඇයගේ නිසල සිරුර හුදකලා බර්ච් ගසක් යට තැන්පත් කළේය, සුළඟ එහි අතු හරහා ශෝකජනක ගීතයක් මුමුණමින් සිටියේය.
ඔහු විශාල වරදක් කළ බව හැඟී ගියේය, සමාව නොදෙන අහස යට තනිව, ඔහුගේ අප්රකාශිත ප්‍රේමයේ බර ඔහුට දරාගත නොහැකි බවක් හැඟිනි.....
එහෙත් නව ශීත ඍතුවේ පළමු හිම පියලි වැටෙන්නට පටන් ගත් විටද, නිකීටා සදහටම තම හදවතේ ජීවත්වන බව අයිවන් දැන සිටියේය.
Oh, Nikita, you will never know....
Anythin' about my home....
I'll never know how good it feels to hold you....
Nikita, I need you so....
Oh, Nikita, is the other side....
Of any given line in time....
Countin' ten tin soldiers in a row....
Oh no,
Nikita, you'll never know.....
#මලක්ගසාලියූකවක්
.